
මං යකඩ දෝලී...
සෙනෙහසින් ලීවේම නුඹට කවි පේළී
තැවුලකින් ඈතටම ගියෙද යළි නෑලී
රැහැනකින් ජීවිතය කැපුණු විට කෑලී
මදහසින් පේවේද යකඩ මනමාලී
හදවතින් බැඳී නුඹ ගාව රන් දෝලී
අහිතකින් කිසිදාක නොකී මං සෝලී
කඳුලකින් නොහිතාම කඩා දුන් වේලී
සුසුමකින් සනසාන හිඳී දැන් නෑලී
කුසුමකින් ඵල නොවන වග දැනුන සෝලී
සැනසෙමින් තව ළඳුන ළඟ මදන පාලී
දැහැනකින් සමවදින වද සිහින පේළී
සෙනෙහසින් මඟ බලන මම යකඩ දෝලී...
කවිය බලන්න