සම්මත නොවූ පෙම්වත.........

සම්මත නොවූ පෙම්වත.........

උදයංගනී විජේරත්න

සම්මත නොවූ පෙම්වත නුඹ ගැන ලෝබයි... තුන් හිත නිවූ සිතුවිලි මැද හිත කෝලයි පන්හිඳ මැවූ කවි පද සෙනෙහස මෝරයි නිම් නැත ගෙවූ මතකයෙ හසරැලි බෝමයි සුන්දර සිනා මල්දම් පැළඳුව ගානයි මන්දිර තනා මින්දද හීසර මානයි උත්තර නැතා ළං කළ සිතුවිලි මාරයි පෙම්බර නුරා හිත්මල සුසුවඳ සාරයි.... ලොව නෙතු වසා අතැඟිලි බැඳ දුර ආවයි හදවත පුරා ඔය සෙනෙහස ඉතිරේමයි අහඹුව වෙලා හමුවුණ නුඹ මගෙ ගානයි පියවර තබා යමු සිහිනය අපි ගාවයි.....
කවිය බලන්න