ඉරක් ගිණිගෙන....

ඉරක් ගිණිගෙන....

උදයංගනී විජේරත්න

උපන් පවකට ලැයිම් ගේ යට ගෙවනවා දිවි දී බරක් පනන් දෙකකට ඉතින් මේ හැටි විඳිනවා මිරිකී දුකක් අහන් නැතුවට කමක් නෑ නුඹ බිඳෙනවා හිත වී රළක් වහන් හිටියට රහස් ලෝකෙට රකිනවා පණ සේ මලක්.... වරක් දැවටුන පමා මිහිරක වුවත් සිතුවිලි ඉපිලිලා දුරක් යන්නට කතාකළ නුඹ ඇවිත් ළඟටම ගුලිවෙලා මලක් පොඩිකර පලා ගිය හැටි තවත් මතකෙම තැවරිලා ඉරක් ගිණිගෙන දවා අළුවුණ හිතත් රහසෙම ගොලුවෙලා... දුරයි නුඹ මට අහස පොළොවට විඳ ගනිමි දුක රෑ දිවා ගලයි නෙතු යට කඳුළු බරටම පියමනිමි පව මේ ගෙවා බලයි ඉඳහිට ලැයිම දොරකඩ සිර කරමි ඉකි රූ මවා මෙයයි ඉරණම උරුම කරුමෙට ඈ රකිමි ඇකයේ හොවා... ගලේවෙල Photo Credit : guille pozzi
කවිය බලන්න