අරගෙන වසන්තය දස්කොන්  එන්න යළී...

අරගෙන වසන්තය දස්කොන් එන්න යළී...

උදයංගනී විජේරත්න

ජයගෙන අනන්තය දකිමින් වෙන්න ගුලී රඟදෙන දසන්තය ඇවිදින් ඉන්න වෙලී ඉතිරෙන සුගන්දය විඳිමින් ගන්න පිළී අරගෙන වසන්තය දස්කොන් එන්න යළී... පන්හිඳ නුඹයි සුන්දර කවි කමේ ගැලී දුන්හිඳ සමයි රන්කඳ හදවතේ වෙලී මින්දද ගයයි මන්දිර කවුළුවේ ඇලී පුන්සඳ හැඩයි ගංතෙර කළුවරේ දිළී... සංසුන් කමට හද නුඹ හට පෙමින් වෙලී දැක්මත් නෙතට සුව සහනය මවන් එළී මංමත් කරන මුව හසරැලි අරන් යළී සක්මන් මළුව ළඟ හමුවෙමු වෙමින් ගුලී...
කවිය බලන්න