ආදරය කවියක්....

ආදරය කවියක්....

උදයංගනී විජේරත්න

ආදරය කවියක් තුටින් හිත ඔකඳ වන ජීවිතය තනුවක් හෙමින් නුඹ ඇවිද යන මාරුතය සිසිලක් වෙමින් ළඟ වෙලෙන දින සාගරය ගැඹුරක් දුටින් මම සුවය දෙන.... පාළුවට ගිය හිතේ ආදරය පුරවමින් සීරුවට නෙත ඉමේ හීනයක තවරමින් වාරුවට මඳනලේ ගීතයක රඳවමින් හාදුවට ඉඩ තියේ සාගරය කළඹමින්.... පන්හිඳට රස පිරුණ කවියක් ළඳේ නෙතු ඉමට හැඩ මවන දසුනක් බැඳේ ගංතෙරට මඳ පවන සිසිලක් රැඳේ මං නුඹට හිත නිවන තරුවක් සඳේ .....
කවිය බලන්න