නදිය අසල නුවර

නදිය අසල නුවර

කපිල කුමාර කාලිංග

නදියත්, නගරයත්
එකිනෙකා දෙස
බලාගත් වන ම, මෙලෙස
කොතරම් කල් ද?

දැන දැනත් නුවරුන් රහස්
සඟවා එසැම ළැම
ගලා යන්නීය ඈ
විටෙක පිරිසුදුව ද
විටෙක අපිරිසුදුව ද,

බොර දියත්
පෑදී දියත්
නදියේ සොබාවයවැයි
නුවරුන් දිවිය හා සම

නියඟින් ඉරි පැළුණ ද
මහ වැසි වැටී ගැලුව ද,
නදිය යළි නදිය ම ය
නගරය අතැර නොම යන

Photo Credit: Gourgen Karapetyan

කවිය බලන්න