මියැසි නිවන
මොසාර්ට් බේතෝවන්
බ්‍රෑම් චයිකොවුස්කි සමගින්
පාව යමි
සත්සර සයුරු තෙර
අපරදිග රළ නැගෙයි
පෙරදිග වෙරළෙහි
වයලීනය ගිටාරය
පියානෝව හා
මුසුවන අපූරුව
මා හද සිතාරය
තරණය කරමි
දේශ සීමා
වදන් රහිත මියැසිය
මා ගෙන යයි
හිස් අවකාශයක් වෙත
නිකෙළෙස්
කවිය බලන්න
