වර්ෂා චිත්‍රයක්

වර්ෂා චිත්‍රයක්

කපිල කුමාර කාලිංග

වස්සානය උදාවී නිසි කලටත් කලීන් මගේ කවුළුව අස හිඳ සුසුම් ලයි සීත සුළඟ හැපෙයි උස වීදුරු කවුළුවෙහි විවර කරන්නැයි එය අයදින්නාක් මෙන් රූරා වැටෙන වැහි බිංදු කවුළුවෙහි පහළට එතුළින් පෙනේ ඈතින් සුපුරුදු රුවක් පටු මගෙහි ඉක්මන් පිය තබන්නී ඉසලාගෙන කුඩය එක් අතකින් ඉහළට ඔසවා මදක් සාරිය ගෙඋයන හරහා ඇදෙන වැසි දිය දහර සෙමෙන් ගලා ගොස් තෙමාලයි ඈ සුමුදු දෙපා
කවිය බලන්න