නොනවතින කවිය
සසර මග
අතරතුර
නොමග ගොස්
ලාල්ගේ කවියක
සරණ ලැබ
යළි මගට පිවිසියෙමි
යාද මින් ගැලවී
හිඳිමි ද නොගැලවී
නොදනිමි
කරවටක් ගිලෙමි
එකවි විල් දියෙහි
මෙ' කව
මෙතැනින්
නවතමි' ය
කියූවද
නොනැවතී ගලා යයි
හද සිසිල් කරවමින්
සසර මග
මේ යැයි
දක්වමින්
Photo Credit: Lanka Jayasinghe
කවිය බලන්න
