(සුද්දෙක්) නොව මිතුරෙක් ඔබ අමතයි
වේදිකාවෙත් , පුංචි තිරයෙත් චලන සිතුවමෙ දස අතේ
රැගූ රැගුමන් , කියූ කියමන් නිබඳ රැව්දෙයි හදවතේ
සබඳ මිනිසත් කමට මුල් තැන සතිර කල ඔබ මුදු සිතේ
දිගක් , පළලක් , යොදුන් ගණනක් මනිනු බැහැ ඒ ජීවිතේ
ලැබූ ගරු සම්මාන එමටය සුදුසු තැන ලැබ පන්නරේ
දුටිමි සැමටම ආයුබෝවන් : කියා ඔබ ගිය විස්තරේ
සසර ගමනේ මෙවන් අයුරින් යළි නොයනු මැන හිටිවරේ
ජාතියට ණය නොමැති ඔබ ගැන සදා සමරමි සොහොයුරේ
රඟ සොබා නිති දැව පලස මත සරු කලා ඔබ පිළිවෙලින්
සොයුර ඔබගේ සුගුණ පිළිවෙත් පුබුදුවා ජන හද මලින්
ඉන්න කාලය තවත් තිබියදි ඇයිද ගියෙ අපටත් කලින්
යලිත් දවසක වරම් ඇත්නම් එන්න මිත " උඩුවෙල නලින් "
ඔෂවා , කැනඩාව .
කවිය බලන්න
