ආදරේ.

ආදරේ.

බන්දුල කුරුවිටආරච්චි

සුමුදු මුදු උණුසුමක
නිහඬ සිප ගැනීමක්.
කුලුඳුලේ දෙහදකට
දැනීමද? ආදරේ!

පිළිසිදෙන හැඟීමක.
පෙරහුරුව ලබාගෙන.
නොයිවසිලි ඉවසිල්ල
විඳීමද? ආදරේ!

පැමිණිල්ල මැසිවිල්ල.
නිමාවක හසරැල්ල.
තුරුලු කර සැනසිල්ල.
රැකීමද? ආදරේ!

වන්දනාවකට දිගු
දිවි ගමන සරසන්න.
හුස්ම නිමවන තුරා
බැඳිමද? ආදරේ!

කවිය බලන්න