මෙදා ගරු දේශයක් වෙනුවෙන්

මෙදා ගරු දේශයක් වෙනුවෙන්

බන්දුල කුරුවිටආරච්චි

මෙදා ගරු දේශයක් වෙනුවෙන් එදා සිට ඔබ කැපඋනා..... ගී නදින් මාලිනියෙ නන්දා හෙල කලා කෙත සරු උනා.... තුන්කල්ම බැඳි සුභ අරුත්පිරි ගැයුම් වරපට ගිලිහුනා.... සදා සෙනෙහස් මිනිස් ගුණයුත් සප්ත ස්වරය නැවතුනා.... වරද නිරතුරු මඬිනු රිසි තැන අවිය වූ ඔබෙ ගීතයේ.... අරුත් සම්මස් නහර විනිව්ද සිතට සුවදුනි දේශයේ... උතුම් සරසවි මෑණියන්ගේ වරම් ලද දිරි දියණියේ.... දෙනෙත කඳුලේ ඇඳෙයි ඔබෙ රුව, තත් ගොලුය සංගීතයේ.... නොපැතු මඩ තවරන්න තතනන දුර්ජනන්ටත් පිදූ ප්‍රේමය... සත්‍යයේ ගීතයම විය ඔබ, රටා ඇතිරූ යශෝරාවය... ඔබයි සොමි සඳ කිරණ විහිදූ මැඩලමින් ඝණ අන්ධකාරය.... ගැයෙන්නට හැකිදෝ දොරින් දොර අසමි කවදා ඔබගෙ නාදය.. මේ දිගුවෙන් යූ ටියුබයෙන් මේ ගීය අහන්න පුළුවන් https://www.youtube.com/watch?v=qSIUjGrVAGw ගායනය - රෝහණ තිලකසිරි ගේය පද - බන්දුල කුරුවිට ආරච්චි. සංස්කරණය - මලින්ද දිසානායක. සංගීතය - A. I තාක්ෂණයෙනි.
කවිය බලන්න