වෙසඟ සිරි ආසිරි!
ගුණයුත් උතුම් නරදම් සැරි තුමානෝ.
බඹ, සුර, නරන් හට විය මහ රජානෝ.
සඳහම් සිප් හලේ පාමොක් දිසානෝ.
තෙකලා දුකට ඔසු දුන් වෙදැදුරාණෝ.
හිමි දෙසු දහම් තුන් ලොවටම බරසාර.
අම මහ නිවන් මොක් පුරයට දිසි පාර.
සිඳ බිඳ දැමී පරදා රුපුසෙන් මාර.
නිවනින් නිවෙන මග දුටු උතුමෙනි වීර.
තිසරණ බෙලෙන තුන් කල් දුක් නිවේවා!
සතහට සෙත දැනෙන සිතුවිලි මැවේවා!
ගුණදම් සුවඳ මල් සිත් තුල පිපේවා!
වෙසඟේ අසිරි සිරියෙන් පින් පිරේවා!
