පැන්ෂන් සීයා සහ මොන්ටිසෝරි මිනිපිරී
සිහිනෙන් අවදිවෙමි ඉකි බිදිනා හඬට
යහනින් වැටෙනවා මා විටකදි බිමට
පහනින් කවර පලයද නොපෙනේ අවට
යහතින් ඉදින් නුඹ එලියයි හෙට ලොවට
ඈතක දුරක නුඹ අකුරට ගිය හන්දා
මෑතක පටන් නොපෙනේ කරුමෙද මන්දා
පාරක ලකුනු කාලය මකනා හන්දා
දාරක පෙමට රෑ තුන් යම ඉකි බින්දා
බාල වියේ පය ලෑ මල් සෙරෙප්පු
මාල පබලු තැන තැන කල් පරක්කු
ආල සිතින් විටකදි මා කෙනිත්තු
කාල ගියත් සීයට දෙයි ඔරොත්තු
තැන තැන ඉකිබිදි පැන්ඩා වලස්සු
යන තැන බලි රූප පපුතුර පිලිස්සූ
කනු බොනු නොහැක දිව රෑ හිත ඇවිස්සූ
පන යන දිනේ සිහිවේ දත් විලිස්සූ
පැන්සන් පඩිය මා අත මෙලවෙන දාට
එන්නන් දුවේ මා වලකනු හැකි කාට
සන්නන් නාම නැති දේදුන්නේ පාට
රහසින් අරන් එමි ටොපි දෝතක් රෑට
ඉතිං සීයේ අසමින් නෙක කතන්දර
තුටින් ඔඩොක්කුවේ මහ රෑ පාන්දර
කටින් කිරි සුවද දෑසම පහන් තිර
කරින් නොම බසි කිරිකැටි නොවේ බර
ඇසෙයි විටෙක පා හඬ ගෙයි මැද සාලේ
දිසෙයි කලක දන ගෑ එදවස බාලේ
පිරෙයි උණු කදුළු වියැලෙයි නෙත් දෑලේ
හිතෙයි පියඹන්නට, තටු කටු ගාලේ
කවිය බලන්න
