තවමත් පිසී, ක්රිෂ්ණා ලිපලග දාන
කැහැටු වපර කුදු ජූතක මහල්ලා
පවිටු සිතින් දරුපැටවුන් උගුල්ලා
අරටු දරුසෙනේ සුලගේ ගිහිල්ලා
දොරටු නැති ලෙනේ අම්මා සොයල්ලා
පලවැල නෙලන්නට අම්මා ගිය වේලේ
බල වෙසෙතුරුගේ බුදුවන්නට බැදි ආලේ
කුලගොත් බිදී රැක්කත් සංවර සීලේ
කල ගතවෙලා එකතැන නවගුණ මාලේ
දෑත් එකට බැද දල රැහැණින් තරව
කාත් කවුරුවත් නැති දරුවන් හඬව
පාත් වෙමින් පිසිමින් පා යුග සැරව
ඌත් එදා කෙරුවේ තනිකර බොරුව
කෙවිටිපාර ඉවසන්නට නොමැති දිරි
පවිටු බමුණු අතැගිලි අග පොකුරු හොරි
අනිටු විපත් ජාලිය ඉවසුවත් හැරි
" කුමට පියෙක් දරුවන් රැකගන්න බැරි "
සසරේ කෙලගනන් යලි යලි උපත ලද
අදුරේ පැලේ,රජ මැදුරේ සිරිය විද
නුදුරේ මව පියා අයියා එකට හිද
පැදුරේ කොනක ක්රිෂ්ණා බණ අසයි අද
" දන් දුන්නා වැරදි අපි හොර බමුණාට"
කන්කෙදිරිය ඇසී මහබඹු නපුරාට
පින්වත් සිදුහතුන් බිම්බා දෙන්නාට
අදටත් දුකයි ක්රිෂ්ණට කුස වැසුවාට
දුවක ලැබිනිනම් සිදුහතුනට දාව
මැණික සේ රකි ඔහු ඇගෙ ඇදගාව
මෙලෙක අත ඇගිලි සිහිවි හද දෑව
හනික දුව ඒවි ,ඉහ කෙහෙ බූ ගෑව
සිදුහත්, රහල්,බිම්බා තුන්පත් රෑණ
අරහත්,රහත්,බුදු පලගැන්වී සීන
දුප්පත් ක්රිෂ්ණා පිසිමින් ලිප ලග දාන
තවමත් ගිලී දංකුඩ,පත සගවාන.
25 / 10 / 2026
කවිය බලන්න
