ඇය නොමළෙන් මළගමට නොගියෙමි

ඇය නොමළෙන් මළගමට නොගියෙමි

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

කතා මැරුණ යලි ඉපදේ යැයි බියට සිතාමතා නොගියෙමි ඇගෙ මළ ගමට " සතා ඇවිත් ඇති " කසුකුසු එක වැලට ගොතා තව කතා ! අවමන් ඇති ඇයට තුත්තිරි ඇලුන වස්තර සගවා කොතැන විස්තර රහස් පෙම්පත්, මැදිවි දෙතන වස්තර උනා, තුරුළුව රහසේ නිදන මන්තර කුමට,නිදි යහනයි ඇගෙ නිවන දෙතොලින් තෙමූ රන්කද ගිණිදළු හමුවේ විදිමින් පහස දුංගොබ අහසෙයි නැටුවේ සිහිනෙන් අදත් ඈ හමුවෙයි, ගෙයි අගුවේ මරණින් මතුත් උනුහුම අඩු නෑ සෙළුවේ පිරුණ වටොර පොහොසත් වටමට දෙතන පෙගුන දෙතොල් දිව තුඩගින් පිරිමදින ගෙවුන දිනත් හෙට දිනයත් නොම මැරෙන පවන සීතලයි,ගිණි දළු යලි නැගෙන 23 / 09 / 2026
කවිය බලන්න