DNA test

DNA test

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

කොවුළා කියා කීවත් පෙලපත බරට වවුලා පවා වැදගත් වැඩියෙන් නුඹට හැඩලා මියුරු පෙම් ගී කීවත් කුමට මඟලා ගිහින් දරුවෙකු දී ඇගෙ කුසට කුසේ බරයි තටු ගෑමට බැරි තරම දිසේ කපුටු පැල්පත හොට ලග ලගම පැසේ පපුතුරේ ගින්දර පෙර කරුම ඇසේ දුක දකී කපුටිය නෑ අරුම ඇහැටු ගහේ අටවා ගත් පැල් කොටය පහටු සිතින් කපුටම්මා මා රැකිය කැහැටු ගතය,පියඹයි පුරවයි කුසය පවිටු දනෝ නොදනිති පියෙකුගෙ සවිය කපුටු සරින් හඬනා අයියලා දෙන්නා අරටු කාක පෙලපත මතු දා රක්නා අවට සරණ නෑයෝ ජම්මය දන්නා කවට වදන් කීවත් උන් නොසැලෙන්නා " දුවට තියෙන්නේ කපුටෝ නුඹෙ ලෙයද දවට පල්ලියේ දිවුරන්නට යමුද " රුවට හැද පැලදි නෑයෝ විමසුවද හඬට බිය නොවි නුඹ කිව්වේ බණද " ගැබ්බර කෙවිළියක් තටුගා විත් පැලට විස්තර කියා හැඩුවා වරුවක් දිගට අච්චර කතා ,හැදුවත් කපුටිගෙ නමට ඉස්සර උනෙත් ඈ ගැබිනිය ගෙන ලගට " සබා මැදක DNA අවමාන නොබා සිතින් මපියාණෝ ඉවසාන කබා නැතත් නෙක පෑයෙන් ඔපලාන සුබාවිතය ඇසුවෙමි මම කරබාන නිගා නොදෙමි මා රක්නා පිය නමට රඟා මොටද පරපුටු පිය හොරු ලොවට ළඟා වෙන්න බැරිමුත් නුඹෙ හැඩ රුවට සිගා රකිමි නුඹ එක්තැන් වෙන දිනට. 24 / 08 / 2026
කවිය බලන්න