බුදුන් දුටුවෙමි...🙏🏻

බුදුන් දුටුවෙමි...🙏🏻

ලලනී ගීකියනගේ රත්නපුර

කිඹුල්වත පිස හමන සුළගේ සැවැත්නුවරට මං තැනූ..! බුදු පහස නොමදව ලැබූවෙමි ගයා පිං බිම දණ නැමූ..! මුදුන් මල්කඩ.. සමිඳු පිටදුන් .. සිරිමහා බෝධිය එදා..! තබා නළලත දොහොත් දී යලි.. වඳිමි නිර්වානය පතා...! රුවන් සක්මන මලින් පුදදෙන.. විමන් දොරටුව දුන් සදා...! සවන් පිනවන පිරිත රැව්දේ.. නිවන්මග පාදයි සදා.. ! බුදුන් දුටු සඳ පහන් සි'තඹර.. සරා සවනක් රැස් දරා.. එවන් අසිරිය දෙව් බඹුන් ලද.. විඳිමි නෙත් සිත් පැහැදිලා...! රත්නපුර. 31.10.2026.
කවිය බලන්න