යළි ඉපදේවා අම්මේ යළි ඉපදේවා...

යළි ඉපදේවා අම්මේ යළි ඉපදේවා...

ඒ. එම් .අබේසිංහ බණ්ඩා මහනුවර

යළි ඉපදේවා අම්මේ ඔබ යළි ඉපදේවා ඔබ උපදින සැම භවයෙම මම පුතුවේවා...... අම්මේ මා ඔබගේ ඔබ මාගේ අපි අපේම වේවා මෙතේ බුදුන් හමුවේ ඔබ නිවන් දකීවා ............... කන්නට බැරිව කුසගින්නේ ඔබ ඉන්න ඇති බොන්නට බැරිව තිබහව විඳ විඳ ඉන්න ඇති යන්නට බැරිව තැන තැන ඉඳ ගන්න ඇති නිදන්නට බැරිව රැය නොනිදා ඉන්න ඇති දවසින් දවස ගෙවිලා සති ගතවෙද්දි සතියෙන් සතිය නව මාසය වෙද්දී ගතේ වෙහෙස වික ටික වැඩිවෙද්දි ඉවසුවා සිනාසි මා කුසතුල දඟලද්දි බිහිකරනා විටදි මා මෙලොවට ඔබ අම්මේ විඳි වේදනා අසා ඇත්තෙමි මම මගෙ අම්මේ මා හඞනා හඞ ඇසිලා හිනැහුණු සුදු අම්මේ බිහිවුණුදා සිට වෙහෙසි මා හැදු මගෙ අම්මේ සුවඳ සබන් ඇඟ ගල්වා මා සේදුව අම්මා උතුරපු උණුවතුර නිවා සිසිල සැදූ අම්මා තෙල් කහ ගා රත්මල් දිය නෑව්ව අම්මා පොල්කටුවේ සිදුරු මලින් මා නෑවූ අම්මා දත්මැදලා මුව සෝදා පිරිසිදු කළ අම්මා ඇඳුම සෝදලා මැදලා මට ඇන්දූ අම්මා පියුරු දමා සුවඳ ගගා මා මුව සිඹි අම්මා පාන්දරින් ගුරු ගෙදරට මා ගෙනගිය අම්මා පුංචිකාලේ උකුලෙ තබා මා ගෙනගිය අම්මා ගුරුතුමියට මා පෙන්වා එළියට ගිය අම්මා මං එනතුරු ගිණි අව්වේ සිටියා මගෙ අම්මා ගහේ වැලේ රස පළතුරු කඩාදුන්න අම්මා වසරින් වසර ඉහල ගියත් සමත්වෙලා පංති අපේ අම්මට මම කොල්ලෙකි කවදත් වූ පුංචි කෑම බීම උයා පිහා රස කර කර කැව්ව මගේ ගතට සවිය දු‍න්න ආදර මගේ අම්මා කල්ගතවෙද්දි අම්මා ඔබ ගියත් ටික ටික වයසට අතපය වාරු නැති වුව තිබුණා වෙර වීරිය සිතට කන්නට බොන්නට කීවත් හැකි හැකි විලසට නොදනිමි හේතු එලෙසින් එය පිළි නොගන්නට කාලය ගතවුණා අම්මේ ඔබේ ගත වැහැරුණා එනමුදු ඉඳහිට දෙඩු දෙය හරියහැටි තේරුණා නොසිතුව විලස ඔබේ ගත නිසලවුණා අවසන් නින්දට අම්මේ ඔබ එළඹුණා වරදක් කලේ නහැ අපි කියලා දුන්නා ඇත්ත අහිතක් නැතිව ඇති අපි ගැන හිතලා චිත්ත ජීවත්වෙලා උන් කාලේ කල කී දෑ නේක පැතුවේ සැදුවේ දියුණුව පවුලේ සැමහට දන්දුන්නා වැඳගත්තා මහ වෙහෙර විහාර පෝයට ගත්තා අටසිල් ගිහින් වෙහෙරට සිරිදළා හිමි වැන්දා මුනි සිරිපා වැඳගත්තා හැකි විලසින් පින් පිරුවා වඩමින් කුසල් ඔබ දරුවන් හැදුවා පවුලේ දියුණුව බැලුවා ඔබ තෙරුවන් වැන්දා සැමදෙවියන් යැද්දා සනරාමර සම්බුදුහිමි දහම කරලා තිර අම්මා සමුගෙන ගියේ දිවිය නිමාකර හත්දවසට බණ කීවා පන්සලේදි දන්දී පැන් වැඩුවා තුන්මාසෙට බණ කීවා නිවසෙදි දන් පැන් බෙදුවා හේවිසිකරුවන් කැඳවා පූජාපද නද නිසි පෑවා අප සැම එක්රැස්වී අම්මේ ඔබට පින් පැතුවා කළපින් මතුවී ඔබගේ පව් යටපත් වේවා ඔබසිහිකර අප කරනා පින් ඔබහට වේවා අවසානේ නිමකර දුක් සැනසුම් දේවා මෙතේ බුදුන් හමුවේ ඔබ නිවන් දකීවා
කවිය බලන්න