රැය ඇවිදින්…….
පුළුන් වළා
කැටි ගැහිලා
අඳුර වෙළා
හිරු නිවලා
මෙරු ඉගිලෙයි
තටු ගිලිහෙයි
කළුවර එයි
හිතට බයයි
තරු දිලිසේ
උඩ අහසේ
කොඳුරනු සේ
මට රහසේ
ගඟ අයිනේ
කිරල වනේ
තනිද අනේ
රැහයියනේ
රන් පාටින්
සිනාසෙමින්
කව්ද එබෙයි
වලාකුළින්
උණ පඳුරේ
කොළ අතරේ
සඳ වැතිරේ
මඳ අඳුරේ
කණ මැදිරින්
පෙල ගැසෙමින්
ලඳු අතරින්
යති විගසින්
සුළං තෙතයි
හරි සිසිලයි
හිත නැලැවෙයි
නිදි බර වෙයි
සඳ තනියෙන්
ඔහෙ තිබුදෙන්
රැය ඇවිදින්
නිදමු ඉතින්
උතුරු කැළිෆෝනියාව
Photo Credit: LucasV photos
කවිය බලන්න
