රාත්රිය.......
සැඳෑ හිරු ගිලිහෙයි
අඳුර තව කැටි වෙයි
රාත්රිය එලඹෙයි
දෑස් මගෙ වෙහෙසයි
කිසි හඬක් නොනැගෙයි
නිහඬ බව බිය දෙයි
රෑසියන් නිදි දැයි
මගෙන් සිත විමසයි
තුරු වදුලු නොසැලෙයි
සුළං රළ හැකිලෙයි
සවන් දෙනු නොහැකියි
ඉකිබිඳුම නොඇසෙයි
සුසුම් හද තෙරපයි
පැතුම් පොදි විසිරෙයි
පවන් රැළි වියැළෙයි
ගිමන් හල දුරකයි
Photo Credit; Javier Allegue Barros
කවිය බලන්න
