එදත් අදත්...

එදත් අදත්...

මාලා විජේකෝන් උතුරු කැලිෆොර්නියාව

උදෙ රැයින් බත් බැඳගෙන තිරික්කලේ නැගල ආපු දවස් ගෙවී කාර් එකක සැප විමසනවා ගල්ලැහැ පන් හැඩ දමාපු පොල් අතු මිටි මිටි වියාපු දෑත් වලින් ලැප් ටොප් එක දොරට වඩිනවා දර ළිප උඩ බත උයාපු වංගෙඩියේ පිටි කොටාපු කුස්සියෙ බ්ලෙන්ඩර හීටර රජ කරවනවා කොස් ඇට පොල් සමග කාපු හීල් බතේ රස බලාපු දිව රවටන කේක් පුඩිං මිහිර දැනෙනවා එදවස මතකය ගෙනාපු ගමේ සුවඳ හද මවාපු සිහින ලොවක සුවය මගේ දෙනෙත තෙමනවා
කවිය බලන්න