කඳුළක දුක සැඟවී....ම

කඳුළක දුක සැඟවී....ම

මාලා විජේකෝන් උතුරු කැලිෆොර්නියාව

කඳුළක දුක සැඟවී....ම සතුට මුව'ග තැවරී.....ම කවුරුද කළෙ නොදැනීම පු දු ම ය කී... සිතුවිලි ගඟක ගැලී....ම කවියක වදන් තැබී.....ම එළිසම විරිත රැකී...ම අ රු ම ය කී.... ස රි ග ම පද ගැලපී...ම වෙණ තත් සුසර කිරී...ම සුමදුර හඬක ගැයී...ම සි හි න ය කී.... ලන්ඩන් කවි සඳහා.....ම මෙලෙසින් පද පබැඳී.....ම සිතට තුටකි, නොකියා....ම බැ රි ය ස කී... (ගජමන් නෝනා කිවිඳියගේ දෙනිපිටියේ නුගරුක කවියෙහි විරිතෙන්)
කවිය බලන්න