සමනල සඳෙස -41

සමනල සඳෙස -41

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

සමනලයා දුටු බුලුතොට - 41 සිතගිය බුලුතොට කඳු වැටිය 605. ඇ ද බැඳ දිවෙන වක ගැහි-ගැහි කඳු අසලින් වෙද බඳ මහත දිගු ගැරඩියෙකු ගමනින් සෙද දුර සිට බැලූ බැල්මට පෙනෙන දුරින් එ ද ගල් මාවත ය දිව යන එ කඳු වැටින් 606. සපරගමුවෙ මායිම වුණු දකුණු කොණේ එ කොණේ නැඟී ඇති අහසට මෙ කඳු පෙනේ කඳු වැටි හිස් නිලන සලුවක් ලෙසින් සෙනේ වඩමින් සලයි පහළට පෙම් පිණි එ වනේ 607. හිස් ඔසවමින් හිඳිනා කඳු ගැට නැටිය දස් මහ යෝදයන් සේ රජ කළ සිටිය විස්මිත කරවමින් පිහිටා ඇති විදිය ඇස් රසඳුනකි දකු බුලුතොට කඳුවැටිය 608. උල්පත් කපා මතු වී තුරු වදුලු බඩින් සම්පත් සොයා මුමුණන කෙඳිරියක හ`ඩින් මිණි-රන් වසාගෙන සංඟා ගොහොරු මඩින් ළඳ දිය තී සැලේ උණ - බට පඳුරු උඩින් 609. කුල්මත්කොට තබා නරඹන රසවත්තූ මීදුම් සුදු වළා වස්සන පිණි තොත්තූ රැය - දහවල - සදෑව ද මෙහි ජය ගත්තූ ඇළි ළඟ නටයි නරි-මී-කොටි සහ ඇත්තූ 610. තෙද හිරු රැසින් හෙම්බත් වෙන නිතර දෙවේ රත් පැහැ ගැහී මානා කටු පඳුරු නැවේ තැස අඩු කරන්නට පිණි දිය ඉසින සුවේ වි`දගත හැකි ය එනමුදු එය සුදුසු නොවේ 611. සිරිලක් මව් තුරුලෙ ජනිත ව දැයට හිමී තැන දැක දැන වරුණ කරනට සිතට ගමී එඩියෙන් රැගෙන ජාතික අබිමනකි පෙමී බුලුතොට කඳු දෙපා මුල මම හිස නමමී 612. ඇසි-දිසි දෑ කොතෙක් දැයි මා විමසන් නේ මැසි-විලි මිස එ ගැන නැහැ විමසිලි වන් නේ නිසි-ලෙස දැක බලා මව් හඳු නා ගන් නේ රිසි-ලෙස ගනිව් අදහස මොට මිනිසුන් නේ! (මතු සම්බන්ධයි.) 2026.11.01
කවිය බලන්න