මං නන්දා...
“මං නන්දා...”
මේ ඒ නන්දා ගැන නම් නොවේ ය. සුරම්‍ය - සුනම්‍ය - සුගණ
ස්වරයෙන් ගී ගැයූ අපේ යුගයේ තවත් ගී කෝකිලාවියක් පිළිබඳ ව ය...
ඇය නමින් නන්දා මාලිනිය නම් වූවා ය.
“නුඹ නොමළ බව හැඟේ මට නම්...”
ලියූවෙමි කවි පෙළක් මේ කවි අඩවියේ
ටික දොහකට කලින් “නුඹ කවුද යන වගින්”
එහෙත් මම නොසිතුවෙමි මෙවන් සමු ගැනීමක්...!
“ මරණයෙන් එහා ගිය දිවි සටනෙ වැදෙනවුන්
කියන්නැති-සිතන්නැති-අහන්නැති වෙලාවක
ඒකටත් වෙලාවක් රළු-බොරලු දිවි මගෙහි
හොයන්නට බැරි නිසා - ලබන්නට බැරි නිසා...!”
සඳුන් ගසක් වී ජීවන සුවඳ දුන්
සමන් වැලක් වූ බුදුන් අබියස
ඒ රම්‍ය සඳ කිරණ එළිය දුන් ගනඳුරකට
දිවි තාප දැනි - දැනී ගිනි ගහන වෙලාවක
සැඟවිලා ගියා දෝ සදහට ම
අපෙන් සමුගෙන...!
යුක්තියට හිස නැමූ - අයුක්තිය පිටුදැකපු
“හරි හෝ වැරැදි හෝ”
නෙක අදහස් හරඹයෙන්උදහස්-නිදහස්-අදහස් කවි-අවිපදින්
පෙරළ-පෙරළා පහර දුන් අභීත ව
මේ “යකඩ ගැහැණිය” අපේ ගී ලොව
වැජඹුණේ කාටවත් නොබිය ව
ඇගේ “මරණය”
සුරත් මංචකයේ ම තබමින...!
දිරිය සේ විරියත් - පිරිය ඇති විරිතත්
කවියේ මුවත් ගෑ - මොට නොවූ අවියත්
මරණය පෙනි පෙනී - පෑ සටන් ගී සරින්
වැකුණේ ඔබේ හඬ - රැව් දිදී කොතැනත්
දෙසවන් සිසාරා - ගිගුම් දුන් සත්සරින්...!
අට ලෝ දහම නිතැතින් - කැරකෙයි ගැළක සක සේ
පසුපස හඹා එන්නේ - කවුරුත් නොසිතනා අයුරින්
ඒ දහම පොදුවේ -හැම දෙනාට ම එක සේ
සළකයි නො සැළී කිසි දිනෙක
“උස්-පහත්-උස-මිටි - දුක්පත්-පොහොසත්-කලු-සුදු
භේදයක් කෝ එහි - අනේ සිතෙන්නෙ ද මොහොතක්...!
ඇය ගියා යන්න ම - සැම දේ ම පසෙක ලා
ගෙන ගියා නම් ගෙන ගියේ - කළ හොඳ නොහොඳ තමා
අපත් කෙදිනක මෙසේ - එසේමැයි නැහැ සමා
හදා ගත් කුටුම්බයෙ - තමවුන්ට ඉඩ තියා...!
ඇය ගියෙ ද සමුගෙන - සදහට ම ලෝකයාගෙන්
“රූ කාය ජීරති - නාම ගොත්තං නජීරති”
නින්නාද දෙන ගී පොතේ - ඉහළ ස්වරය ඔබ ය
නුඹ නොමළ බව දැනී - “පවන” හඹ-හඹා යයි...!
අහස සේ නුඹ අනන්තයි - පොළොව සේ නුඹ අනන්තයි...!!
සුභ ගමන්!!!
01.09.2026
කවිය බලන්න
