සමනල සඳෙස -38

සමනල සඳෙස -38

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

දත යුතු කරුණු ගොමුව -29 දෙව් පෙරහර 578. මැතිඳු හොරන වෙතට නැමුණු සිරස බොහො දනා පිළිබඳ ගජි`දු ලෙස ම පහර දෙමින් සමාජ තල සැදුව නිබඳ ඇත වන්නම් “තාලඩි” පද ඔහු මුවගෙහි රජ කළ නඳ සිත එඩි ගෙන අප එනඳින් වඳිමු සුමන සමන් නිරිඳ 579. මගෙ කවි පද වෙනස් වෙවී තාල රටාව ද වෙසෙසී හද සොලවන හේවිසි හඬ ඇසෙනා වාගෙයි සැරසී ඉදිරියට ම ඇදෙන-සැදෙන පෙළ දන හුරු-බුහුටි වැසී ඉඟ-සුඟ මිටි සොලව-සොලව නටති නදට පා එ ලෙසී 580. සමනල නුඔ බලාපන්න ඇස් දොඹ ගෙඩි ලෙස නෙරවා තෙද බල සිරි සුමන සමන් දෙවි උත්තමයන් සොඳවා පෙර කල පර බල බිඳ රජ- -සිහ රජ දෙවොල ද සදවා කළ බලවත් ඉල්ලීමකි සමන් දෙවිඳුට ම පුදවා 581. සමනල නුඹ වරක් වැන්ද සමනොල ගිර පැත්තේ නල රළ එහි සිට පිඹ එයි කළුවන් දිය මත්තේ නෙත් මල විහිදමින් දෙවිඳු අඩවියෙ සිට සත්තේ දෙවි බල මහිමය පතුරති වෙත දන-මන දත්තේ 582. සමනල ගිර වඳිනට යන බොහො දන මෙතැනට ඇදී සිතුවිල පිපි කුසුම් තබා දෙවි`දුට වැඳ පුද දිදී සමනල ගිර වැඳ එන තුරු නඩයට බාදා නොදී රැකවල දෙනු ලැබ යනුවෙන් තුටු පඬුරු ද දෙති පොදී 583. දස්කම්-විස්කම් අතරට වෙස්කම් මවමින් රටා දෙස්කම් දිස්නය ගනිමින් පෙන්වන නැටුමන් නටා බස්කම් බස් යොදමින් රැස් මුසපත් කරමින් වටා ගස් උස් මෙන් තබමින් බොරු- -කකුල් යතෙ ය කොට-කොටා 584. සුරල් ඇසෙයි දඟ දන “ඩෙඟ-ඩෙඟ-ඩෙඟ පරි” යන ලෙසින් තුරල් කරපු වැස්සක් ලෙස තැන - තැන හඬ නෙක සරින් තුරුල් වෙලා යන ගඟ දුන් තබමින් අඩි බෙර කොටන් රුකුල් දෙමින් හැඩ වෙයි පෙරහර උහු තෙද අබිමනින් 585. තොප දැන් ගොස් විපරම්කොට දෙවොලෙහි විස්තර අගේ වප - සරියට ඇති වන තුරු තොරතුරු ගෙන දෙවිඳුගේ දැප නොසිටින් කොහෙවත් කල් ගත කරමින් යන මගේ කැප කරපන් සියලු පුවත් ගෙනෙනට සමනල තගේ 586. පුවත් දිවෙයි දිගු ඉතිහාසෙක ඇති තොරතුරු වසා මුවත් කළොත් සෙවුමට ඇති පිරිය ම ගැනුමට අසා දිවත් - මුවත් පිනැවෙයි රස දැන ඒ තොරතුරු නිසා වියත් උගත් සැනසෙයි සමනොල තොප දැන ඇති රසා!!! ( මතු සම්බන්ධයි.) Photo Credit; Amy Baugess 2026.08.01
කවිය බලන්න