බෝසතුනි...

බෝසතුනි...

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

මෙතේ බුදු බැව් පතා ඇවිදින සසර මග දිගු මාවතේ ලකේ ඉපදී වනේ නොව නුඹ නැවතුනේ මා හදවතේ ළයේ තෙත නැති එවුන් බින්දම ඇත් රජුනි ඔබ ජීවිතේ අනේ කෙලෙසක සඟවගන්නද ගලන කඳුළැලි මා නෙතේ තාලයට රජ අඩිය තිය තිය තේජසට මතුවී හිමින් ආපු හැටි දැන් අතීතෙක බොඳ සිහිනයක දියවී ගිහින් පාර අග අර අදත් ඇවිදින් සනුහරේ උන් මග බලන් තාම හොයනව නුඹේ අත්වැල දන්නෙ නෑ උන් හොරු අරන් දළේකට බැඳි ලොබට දිවි දී එලෝ වැඩි ඇත් බෝ සතුන් හොඬේ වනලා අනේ යන්නම් කියන්නේ නෑ යළි ඉතින් ගහේ අරලිය පිපෙන දවසට නෙළා හිස් මුදුනින් දරන් මගේ රජුනේ පිං පුදන්නම් සසර දුක නිමවෙන ලෙසින් කුමාර අයියා
කවිය බලන්න