තවත් දවසක්...
අහස් ගැබ පුරාවට ගොතා රන් රටා වැල්
රහස් බසකින් දොඩා ඇහැරවා නේක මල්
පලස් මදටිය පැහැති මත ඇවිද අරන් කල්
දවස් හිමිහිට එබෙයි බිඳ රැයක රැකිය සිල්
රහක් ඇත හැම දේක හොඳට බැලුවොත් හිතා
හුඟක් දේ තියෙනවා ගොතන්නට හැකි කතා
හිතක් පමණයි අවැසි නවන්නට හැකි ඉතා
පොතක් හැම මොහොතක්ම තිබෙන දුක සැප ඔතා
රැවටෙන්න රවටන්න මැවෙන විසිතුරු අතර
නොවැටෙන්න නැගිටින්න ඇත්ත හැඳිනන් නිතර
අදහන්න මිනිස්කම දුරයි නිරයන් හතර
පිළිගන්න නොතිර බැව් දිනිය හැක බව කතර
Photo Credit; Na Inho
කවිය බලන්න
