ඉන්න ඇති මග බලන්
හතර පද ගළපලා අමුණගෙන පන්හිඳෙන්
සුසර කර වීණාව හිත පිනන රිද්මයෙන්
නතර වුණ සාදයක් පණ ගන්න සත්සරින්
අතරමග ඉන්න ඇති දෙව්ලොවෙත් මග බලන්
මෙතෙක් නොඇසුන හඬක ස්වර රිද්ම මුහුවෙළා
ගඟක් ගී කන පිනන විශ්වයම නළවලා
හුඟක් දින ගැයෙනු ඇත පන්සිළුත් පරදලා
රටක් නොව දැන් ඉතිං තුසිතයත් සනසලා
ඒ වුනත්,
පායද්දි දේදුන්න වහින කල ගිගුම් දී
නිදියද්දි තරු කැකුළු හදවතට රිදුම් දී
ගිලිහෙද්දි තැනු කැදැලි තනිකමට ඉඩක් දී
වැලපෙද්දි ඇය ඒවි හෙටත් මෙහි අතක් දී
කවිය බලන්න
