නොතිර බව දැන..

නොතිර බව දැන..

කුසුම් බස්නායක මාතලේ , රත්තොටින්

කවුරු කාහට පොළවෙ උරුමය කොතනකද සටහන් කෙළේ මාළිගා පැල්පත්ද නොදැනිම එකට මයි මිහිදන් කෙළේ කල්ප සුවහස් ගණන් ගෙවනා සසර මේ දිවි මංතලේ නොතිරබව දැන දැනත් කුමටද අප කරණ දිවි අරගලේ. එක ලේ මසින් සැදුණු සිත් පිත් ද උරුම නම් කිම ⁣දෙන්නෙ වදවේදනානිබඳ සිත් රිදුම් නෙත් සිත් පුරා බැඳුණු ඒ අමන කුරිරු කම් දැන හැඳින කෙටි දිවියේ වඩමු යහගුණ දහම්. වන සතුන් ගස් වැල් ද කඳුතැනිතලා සැදුන සොබාදම් මවට හිමි උරුමය අපට නොදෙන තම සුව පතා නිබඳ ඒ උරුම වනසලන අධම කම් කුමට දෝ අපට කෙටි දිවි ගෙවන. මාපියන් දරු සොයුරු සඟ ගුරුන් නොහඳුනන තිරිසන් වෙසින් සරණ මනසිස් උසස් කියන තම දිවි රැකෙන ලෙසින් තව කෙකුගෙ දිවි නසන දුදන රැඳි මිහිකතට බරකි කම්පා කරන Photo Credit: Timo Volz
කවිය බලන්න