ඒ අහස් කුස.

ඒ අහස් කුස.

කුසුම් බස්නායක මාතලේ , රත්තොටින්

තරු පොකුරු පිරිවරා පෑයූ සරා සඳ දුටු විටක රෑ කල සුවහසක් සිත් සතන් සනසන නිල් අහස හරි සුන්දරයි. අපූරුයි හරි පියකරුයි. වැසු මීදුම් සළු ඉරා පැහැති දේදුනු සළු ඇඳන් මුතු පබලු ඉස කුසුම් විකසිත උදා හිරු නැගී ඒ අහස්කුස. සුන්දරයි හරි අපුරුයි වරෙක සැඩ හිරු කිරණ විහිදා දිය කඩිති සිඳ ගිනි අවුල්වා සරතැසින් මිහිකතම රිදුවන දිනිඳු ලගිනා ඒ අහස් කුස නී රසයි හරි අමිහිරියි විටෙක ගොනුකොට කළු වලාකුළු ගිගිරුවා හෙන අකුණු වට වැසි තමා හැදු මිහිමඬල වනසන කුරිරු වැසි මවනා අහස්කුස විශ්මිතයි හරි බියකරුයි.
කවිය බලන්න