නවසීලන්තයේ සිට
පිවිතුරුය පියකරුය නෙත දුවන හැම තැනම
මනහරය සිත් කලුය ඇඳි සිතුවමක් ලෙසින
උඩු ගුවන සේ දිලෙන බිම එලු නිල් වියන
හමන මඳ මුදු පවන ගත සිතද සනසලන.
නෙක් වණින් හැඩ මැවු සුපිපිමල් ගොමු මතින්
නිදැල්ලේ සැරිසරණ බිඟුන් ගේ ගුම් නදින්
දසත විසිරි සරණ ඒ විහඟ ගී හඬින්
මිහිරක් දැනෙයි රැඳෙනනිසල බව බිඳ සෙමින්.
දා බිඳු මතින් නැගුණු කෙත්වතු උයන් වතුද
සුරැකෙමින් සෙනෙහසින් වැඩෙන කඳු රුක්ගොමුද
දිගු ආයු වළඳමින් වැජඹෙන වනස්පතිද
සොබාදම් හැඩමවයි ලෝ සතුන් රැක නිබද
දිවා රෑ නොම දැනේ නොමැත නිසි වේලාවක්
අව් වැසිද නොම හැඟේ එයද එක කලාවක්
තුරු තමන් පත්සලා නිදන්නට වෙලාවක්
සැරසෙනවා පිළිගන්න සීත සෘතු උදාවක්.
