බලාපොරොත්තුව
නිවන්නට මදි වුණා
ගින්දර
ඇවිලි ඇවිලී හදම
පාරන
මතක සෙනෙහස තුරුළු
කරගෙන
පිය නගමි මිහිදුම් වලාගැබ
දෙඅත වටකර
රැකවරණ මැද
ඔබේ උකුලේ ගෙවූ කාලය
සිහිනයක් සේ සෙමින් වියැකි
සුසුම් වැල්වල එතී දුර යන
ඔබේ පාමුල තබා ලෝකය
ඇහිඳ ගමි මම
ලඟම මතකය
සුවඳ තවරා ඔබේ සියොලඟ
තනා මන්දිර නෙතු පියන් අග
සෙමින් නොපෙනි ගියත්
ඉඳ හිට
නැවත හිරු නැග ඒවි
දිනයක
2026.10.06.
Photo Credit: Jason Mavrommatis
කවිය බලන්න
