වැරීම
අවාරේ ඇවිදින්
පිපෙනු නෑ යළි මල්
නිවා ඇත පහන් වැටි
දා ගැබේ
ලොවක් නලවා
උතුරාපු කිරි කඳුළු
වරා ඇත
මැලව ගිය කරඬුවේ
උණුසුමේ සුව සැදු
ඇකය සීතල වෙලා
ගල් ගැසී මග බලයි
මාවතේ
සසරක් ව ලොව දිනූ
නාරිවර අහිමි වී
වියපත් ව මියැදුණා
සිහිනයේ
2026.06.03
කවිය බලන්න
