නිහඬ දිවිය

නිහඬ දිවිය

මහාචාර්ය සරත් විජේසුරිය ලන්ඩනයේදී

පියා මට අහිමි විය කුඩා කල තුරුණු කල මට මවත් අහිමි විය වැඩිමහල් සොහොයුරන් දෙන්නෙකුත් සිටියා වැඩිමහල් සොයුරියන් දෙන්නෙකුත් සිටියා අනේ මා හැදුණ හැටි පන්සලක ! සිවුරු හැර පන්සලෙන් ආ ගමන...... නෑසියන් නැද්ද මට ! අනේ මා කවුරුන්ද? කපුටු වසුරින් වැඩුණ පැළයක් ද? පින්වතුන් පින් පිණිස හැදෙන්නට හැරියේ ද? දරමි දැන් නිලයකුත්, සිටින්නෙමි අගනුවර ඝන අඳුරෙ ඔරුවක්ව ගඟුල මැද පුතෙකු හා දුවක් ඇත මව සමඟ තනිකඩව වෙසෙමි මම බෝඩිමක මිනිස් ඇසුරට තිබේ මට බියක් ගුප්ත මිනිසෙකි ලබන අවමාන නොකළෙමිය කිසි වරද කිසි විලස නොගැලීමි පාපයක කිසි දවස නොවැටහේ හැමදාම තනිකෙරුම තනියෙන්ම, තනිවීම ඉරණම ද? Photo Credit; TONG KBP
කවිය බලන්න