සඳුන් අරටුව දැල්වූයේ ඔබයි

සඳුන් අරටුව දැල්වූයේ ඔබයි

මහාචාර්ය සරත් විජේසුරිය ලන්ඩනයේදී

"ගුරු ගුණ සුවඳ විදහාල මිනිසෙක්! විශ්වාසයෙහි ගොදුරක් වූ මිනිසෙක්! බඹරු නොවන මල් ගසක් සේ, අද එකලාව නිසොල්මනේ සිටින මිනිසෙක්!" මා දුටුවෙ ඔහු දෑත් විදහා කලා කෙත තුළ ඍජුව සිටගත් දයාවෙන් පිරි මිනිසෙකු ලෙසින් සහ පිරිවරින් පැමිණ වැළඳ ගන්නා සොඳුරු තැන් - අඳුරු තැන් තෙවෙනි ඇසකින් බලා නිම වූ අසමසම පින්තූර දැක බුහුමනින් බැලීමි ඔහු වත මා පිය උරුමයට සියත් බව රුවමින් කාචයට කවා කවිකම ප්‍රතිභාව එක සේ පළ කළ යුරු දැක ළෙන්ගතුව හඳුනා ගතිමි ඔහු ආලවට්ටම් නැති කවි බසක් තනාගෙන ගඟක් තරණය කොට කල් මැන කවි කෙතට පිළිපන්ව රසික දෝතට පිරිනමා මනරම් කවිකම් අලුත් මාවතක් විවර කළේ ය ඔහු. "ඔබ විය ඔබට පහනක්" සිහි කරමි හද බැතින. "නිතොර රොද බැඳ ආ බඹරුනි දැන් නැද්ද පැණි මී වදයේ......"
කවිය බලන්න