නන්දා ජීවතුන් අතර
පේළි ගෙයක උපත ලබා
රජ ගෙට ගිය නන්දා
කට හඬ ළඟ දණ නැමුවා
දෙනෝ දහක් ජනයා
පවනක් වී ගලා ඇවිත්
ජනතා සිත් සනහා
නිය දහමට අවනත වී
යන්න ගියේ මන්දා
හිත නිවුනා
ගී ගැයුවා
අපි හන්දා
ඇය නන්දා
සිත් අහසේ
සදා හිදින
පහන් තරුව
නන්දා..
කවිය බලන්න
