සුදු වත හැඳි කත

සුදු වත හැඳි කත

නාලිනී කොඩිකාර මෙල්බන් නුවර

සප්ත වර්ණ දේදුන්නක පෙරී හැලෙන වර්ණ අතර දිස්වන සුදු ශ්වේත වර්ණ ඔබේ වතින් දුටුවා අප අපමන කරදර දුක්පීඩා මැද ගිනි දැල් හද පතුලේ සඟවා ගෙන සීත ගඟුල සේ ගීත ගයා ගෙන සිනා සිසී සිටියා ඔබ සැමවිට මරණෙට, මඟුලට, පිරිතට, සාදෙට කෝවිල, කඩපිල, පංසල, පාසල දුම්රිය, බස්රිය, ගමන් කරත ඔබ ගුවනින් වැඩියත් වෙනසක් නොමැතිව බුදුපුත් ගත දැරු කහ සිවුරක් ලෙස දිස්විය ඔබ ගත සැරසූ සුදු වත.
කවිය බලන්න