ලංකා හැර ගිය නන්දා
සහස් වන මල්
තුරු වියන මත
අකාලේ ඔහේ පරවුණ
"ඇගේ නම ලංකාය "
උච්ච ස්වරයෙන් ගැයූ
ඉන්දියන් සාගර දේසේ
දුර ඈත එක දවසක
දුගී සන්නාලි ගෙදරක
විකසිතයි ඒ අසමාන කුසුම
නොහිම් සුවඳින් ඒ මල
දන මන දෙස බසයි මුස කළේ
උදාසීන ජාතිය නිදි කිර කිරා
ඉන්නවා
නැඟුණ කාහල නාදෙන්
නිදි ගැට ද බිඳෙනවා
සහස් දන මන පිබිද ප්‍රඥාලෝකයෙන්
පෙර මඟ ලකුණු සොයනවා
එකම එක වරක් ඇවිදින්
කිසි දා නොඑන්නට යන
සොඳුරු යෞවනයේ
සදාකාලික ප්‍රේම ගීතය
ගැයූ කෝකිලාවිය
කොහි ද නුඹ අද
කොහි ගියාදෝ
රන් වලා සළු පීරා
සඳවතිය විමසමි මම
කියන් ඇයි ගෙන ගියෙ ද ඇය මෙලෙස
එවන් මොහොතක
නොපෙනෙනා ඈතක
මුළු ලෝකයක්
මධුර ස්වරයෙන් මත්වී
නෙතු වසා ගත් ක්ෂණයක
24-08-2026
කවිය බලන්න
