සත්‍යයේ ගීතය

සත්‍යයේ ගීතය

ප්‍රියන්ති ඕපාත නවසීලන්තය

ඔබ ගැන කීමට "දාහක් දේ තිබේ වදනින් කීමට බැරිව වැසී" ගන අන්ධකාරේ ගිලුන ලොවට "ඔබයි රම්‍ය සඳ කිරණ " "ගලන ගඟකි ජීවිතේ "කියාදුන් ගී මතුරකි සිරිලකට අගනා "උඩඟු ලියන් හිස සරසන මලක් වුනේ නැත" ඔබ කිසිදා අමයුරු මිහිරි හෙළ ගී කෙත අස්වැද සරසන්න කෙතරම් කෙවුල් කෙවිලියන් හිටියත් ඉහලේ ඔබ පමණකිය අපේ ජීවිත සවරය අදුනාගත්තේ අපි කෙසේ අමතක කරමුද ඹබ නන්දා අක්කා පදවැලක අරුත ලොවට පෙන්වූ දියණි පොළොවේ පය ගසා දිවිගෙවූ දිරිය දියණි හද සනහා රසනහර පිනවූ කෝකිල දියණි පවන සත්‍යයේ ගීතෙන් රට එකමිටට ගත් දියණි නවරැස් එකලුකල අළුයම හිරු ලෙසට පරහිතකාමිකම විහිදවුවා ඔබ මනු ලොවට දුන් ආලෝකය නොසිතු ලෙසින් වැසීගිය කලට විහිදු කිරණ හැමතැන එලිය දෙයි තාමත් අපට නවසීලන්තය 8/25/2026
කවිය බලන්න