මල් ගස
නෙක නෙක පාටින්
මෙකී නොකී සුවඳින්
නා නා ප්‍රකාර ජාතිවලින්
නෙක නෙක මලින් පිරි ලොව
හැඩකාරයි …………..
එක ජාතියේ මල්
පිපේ එක ගසක
එයයි සම්මතය …………..
ඇයිද බැරි පිපෙන්න
එක එක වරගයේ මල්
එක එක අත්තේ
එතකොට,
එක මල් ගසක් ඇති
එක මිදුලකට ………………..
එවිට හැකිය
තමන් රිසිවිටක
කැමති කැමති මල්
නෙලාගන්න
වෙන වෙන මල් ගස්
නොසොයා
කාලය ශ්‍රමය ඉතුරුවේ
හිතට සතුට ගෙනදේ
6/26/2026
ඕක්ලන්ඩ්
Photo Credit: Jason Leung
කවිය බලන්න
