ගී ලොවේ රන් සලකුණ වූ මාලනිය

ගී ලොවේ රන් සලකුණ වූ මාලනිය

හශාන් සම්පත් සමනලවත්ත

කලා පියසේ කොවුල් රාවය මියුරු කිංකිනි බන්ඳා සීතාරය සර්පිනා තබ්ලා පවා ඒ හඬ වින්ඳා දිවි ගමන අද නිමා කෙරුවත් අපිට කඳුලැලි කැන්ඳා ගීත ලෝකේ රනින් ලියැවෙයි නුඹේ නාමය නන්දා ස්වේත ඔසරිය කොණ්ඩ කරලට ඇත්තමයි හරි හැඩට පෙණුනා සප්ත සවරයට පූජ කළ හඬ හදේ ගැඹුරුම තැනට දැනුනා ගැයූ පදවැල් වලින් සහසක් සතන් කරුණා දියෙන් තෙමුනා ඒ පිනත් ගෙන ඉතින් කෙවිලිය නිවන් පුරයට කරණු කරුණා
කවිය බලන්න