වැහි කඳුළු

වැහි කඳුළු

හශාන් සම්පත් සමනලවත්ත

පාන්දරට හමන සුළඟ සමඟින් මන බැන්ඳූ නාන්නාදුනන වැස්සට ලියවුණි කවි සින්ඳු දාස් ගනන් හිත් අස්සට දුක් කඳුලැලි කැන්ඳූ වාන් දමන තරමට ඇයි රුදු වුනෙ වැහි බින්ඳු තතු නොමදැන යනඑනකොට නිම් නැති භව සසර නතු විය යුතු මය ලොව දම වෙතනම් මගෙ මිතුර ගතු කීවට අහස් ගැබට ගැන රුදු වුණු වතුර සිතු දෙය පමණක් නොව සිදු වන්නේ මේ කතර බිම් කඩකට පෙර දවසක වී තිබුනත් සතුරු එකම අහසකදි මිතුරන් උනානෙ පස මිතුරු මනුස්සකම පිරි කුටියක වී දොරගුළු යතුරු ගුණදම් වපුරමු මිහිපිට එච්චරයිනේ ඉතුරු
කවිය බලන්න