කෙවිලිය ගී ලොවේ නොයෙනා ගමන් ගියා
විරහව ආදරය කැටි වුණු වචන ගොතා
ගී කර ගැයූ හැටිනම් හරි රහයි ඉතා
ඒ හඬ ගැන තවත් කුමකට කරණු කතා
හෙළ ගී ලොවේ කෙවිලිය වුණෙ නුඹයි ලතා
තාලෙට වැයෙන සුමිහිරි බට නලා දිගේ
පාවී ආව, හරි හරියට රාව ඇගේ
හඬ බැස ගිය විටදි පෙම්බර ලතාවගේ
තබ්ලා සර්පිනා අද තනි වෙලා වගේ
අනියත භවේ තතු හඟවන පිණිස නියා
මරණය වැළඳ ගෙන ඈ නෙත් දෙකම පියා
තුන් කල් ඇසිය හැකි ගී ගොන්නකුත් කියා
කෙවිලිය ගී ලොවේ නොයෙනා ගමන් ගියා
කවිය බලන්න
