ස්වණමාලී විමානෙන් බැස ගියාය

ස්වණමාලී විමානෙන් බැස ගියාය

ප්‍රියංගිකා බටගොඩ

නියං වැහි බිඳු එක දෙක රූටවිත් තුරුපත පිස වැටුණු බිම නෑඹුල් සුවඳට නාස් පුඩු කිති කව කව දූවිල්ල පිරි කොරිඩෝව කෙළවර මළානික වූ මලක් ඉකිලන...., සුදු වතට නිවුනු මුදුවත කෙළෙස් සතුරන් අඩපණ කොහේදෝ දුර ඈත සිට ඇසෙයි, ගොරහැඬි හඬක් එකවර වග උත්තරකාරිය ඔබට කිවයුතු දෙයට අවසර.., විත්ති කූඩුවම භ්‍රමණය...., ගඩොලින් ගඩොල තබමින තැනූ සෙනෙහස් පුදසුන ගසා කුළුගෙඩි පහර වෙරගෙන ඉරි තැලුවෙ බොහෝ පෙරදින දුක් තැවුල් සෝ සංකා පඳුරුලන වනමැද අපෙ ස්වර්ණ විමනට ගත්ත හවුසින් ලෝන් එකෙ තව වාරික කිසිවක්ම හිඟ නැත ගැමුණූ......, දොර අගුළු තදකොට ගොලුකළේ මන්ද මේ ලෙස මා මුව නිදහසට හේතූ......., නිහඬ බව යළි යළිත් බිඳ දෙදරන නැත ස්වාමීණි....., හේතු කිසිවක් නැත කොන්දේසි අවැසි නොවේමය සුනුවිසුනු වූ හදකට මිලක් වෙද මිහිපිට නඩු ගොනුව වැසුනී කඳුළු අත්සන් බොඳව තිබුනී ස්වණමාලිය විමානෙන් බැස සිහින් පියවර මිහිමඩළටත් බරක් නොදැනී...
කවිය බලන්න