සොඳුරුමය බොහෝ මේ රැය තනිකමට

සොඳුරුමය බොහෝ මේ රැය තනිකමට

ප්‍රියංගිකා බටගොඩ

අහස් විමන මත දිලිසෙන තරු කැකුළු දිවැස් හෙලන දෙවිවරු දෝ රුව ලකළු රහස් කියන පවනත සිප තුරු මුකුළු දෙඇස් පිහිනවද මේ හැටි පිනි පබළු මියුරු පද අරුත් නැති කල කල නදට කවුරු වුව සැනෙන් බිය ගැන්වෙයි සිතට පවුරු බිඳ පනින රසමුසු තැන් එමට සොඳුරු මය බොහෝ මේ රැය තනිකමට තැන තැන දිලි එළිය නිවි නිවි ඇස රඳවා වන වෙණ පවනැලිය සවනත රස මුසුවා සනසන සිතුවිලිය තුන්සිත මිට මොලවා උහුලන මිමිනිලිය සන්තකෙ අත රඳවා බැඳුන බැමි ලිහී දෙනයන මුලාකොට රිදුන හැටි දැනේ තණ්හා වෙලා වට මිදුන මග පෙනී පැටලුන ප්‍රලාපෙට විදුන රළ මෙනේ සිතුවිලි විලාපෙට වැළඳ කඳු මුදුන් අතහැර වලාපට නොඉඳ එක තැනක පාවෙයි ලතාවට සුවඳ විඳිමි රෑමල් රොන් ගලාවට සබඳ නොබැඳි හිතමයි දුර නිමාවට
කවිය බලන්න