මිසයිල හා Petrodollar
හිරු කැබලි කඩාගෙන
බිම පනින
රාත්‍රියෙ අහස....,
සඳුත් ගිනිගෙන දැවෙන කල
පුතුනි...,
නොසොයන් සිසිලස
වෙළෙන් මා ළය මත.......
සීතලම සීතල
කඳුලු බිඳුවක් ඇනී
පපු කුහර
රිඳුම් දෙයි..තැවෙයි..වැළපෙයි
සුසුමකින් සුසුමකට
කොහෙන් හෝ තරුවක් දුව ඇවිත්
වැටුනොතින් පෙරමගට
බිය වේවි....,
තව තවත් ඔය පුංචි ඇස්දෙක
වසාගෙන සැනසියන්
අපි අපි ළඟ....
කියාදුන් කතාවේ
අවසන අසන්නත් පෙර සැඟවුන
මිණිකිකිණි හිනා හඬ
ඈ සුවඳමයි
තවමත් සිනිඳු වුවනත.........
කුරිරු ගිනිදැල් නිවුනම
අවදි වුනොතින් නෙතුපිය
නිල්පාට ඈත කෙළවර
නිවි නිවී දිලිහෙන
අම්මමයි ඒ තනියම
හැඬු කඳුලු පිණිමත
පෙන්නනවා...සත්තයි එදිනට
මේ මොහොත
මේ පුංචි ඉසිඹුව
පමණි උරුමය
එතෙක්...
මට......නුඹට.......
