දුටුවෙහිද ඇය අදවත්

දුටුවෙහිද ඇය අදවත්

ප්‍රියංගිකා බටගොඩ

ඉරීයන සම් මස් දරාගෙන
වැදුම් ගෙයි වැද නැවත නැවතත්
උපදනා නව ලොවකි සිරිමත්
රන්දගෙන සනුහරේ කුසයට
විඳින දුක කඳුලකින් දියවෙත්

අහිමිමුත් සිරියහනෙ උනුසුම
විඳ දරාගෙන වනයෙ සැඟවුන
කඳුලු ලේ කිරි බිඳුද අරගෙන
උරුම කෙරුවෙමි ඇයට සිහිනය
හිස කිරුළ නිදොස් කොට නිදහස් කෙරුවෙත්

උරුම නැති වස්දඬුවෙ මිහිරිය
සවන මත ඉහිරුවේ පෙමමය
ගෝපිකාවන් උහුල විඳවන
වෘන්දාව රැය පුරා හඬවන
බොහෝ කඳුළුය අදත් ඇසතෙත්

සුරා සොඬ සළෙල හිමිසඳ
මාධවී ළඟ කිළිටි කළ පෙම
හිතපුරා දුක් සුසුම් ගිලගෙන
ගෙපැළ දොරගුළු යළිත් විවරව
තන කඩා බිම ගසා නොඇවිලු පුර ඇය දුටුවේද අදවත්

මෙල්ලකොට බඹදත් රජුගෙ මන
රකුස් දානව විපිළිසරවම
නොපැන්නත් ගිනිදැල් වෙතට දුව
රැකුණි පතිවත ලන්සු තැබුවත්
නොසැළි තුන්සිත සාදු... සනසන් ඇය කොතැන තැනමුත්

තොටිලි පදවන දෑත සියුමැළි
ඔටුනු පැළඳුව රැජිණ ඉවසිලි
තබා සිය පය පෙරට සැරසිලි
නොකිය බස ඇය වෙතට ගැරහිලි
මහතුනේ..නුඹලමයි හැම සැකයෙ වාසිය උදුරගත්තෙත්

කවිය බලන්න