හත් පෙති මල

හත් පෙති මල

ආරියරත්න ජයසිංහ මහරගම

හත් පෙති මලක් පිපිලා අත පොවන මානෙන් ඉඳුදුන්නෙ සත් පැහැය තවරාන නො මඳින් සිත්කළු ය සියුමැලි ය එමල පෙති බෙහෙවින් යන එන ගමන් බලනෙමි එදෙස හොරැහින් හැමදාම බුදුපුදට මල් නෙලාගන්න කල නෙලාගන්නට දුකකි මඟහරිමි සුවඳ මල මලසුනක මියැදෙන්ට කෙසේ හරිමි ද එමල ඉන් පසුව කසල ගොඩකට දමන මඟ අසල නො රිදවමි ඔබ වට සරන මත් බඹර කැල අනඟ රැඟුමන් බලමි රොන්සුණු මතෙහි සමනල මගේ මතු බව පිණිස කෙලෙස සිඳලමි ද ගෙල ගස මත ම සුවඳ දී පරව යනු එගස මුල
කවිය බලන්න