සඳ දුටුවෙමි

සඳ දුටුවෙමි

ආරියරත්න ජයසිංහ මහරගම

එක දවසක හැන්දෑවක
මළ හිරු බසිනා ගොම්මන
පිටුපස්සෙන් නෙළුම් කුලුන
දිටිමි කලා පිරි නුඹ වත

නෙළුම් කුලුන මුදුනේ සිට
දුරදක්නා කාචය තුළ
ළං වී බැලුවෙමි නුඹ දෙස
පෙර ඇඳි සස රුව දැකුමට

කඳුගැට ලප කැළැල් ආවාට
කඳුළු වියැළුණු මළ මුහුදු
කල්ප පුරමින් විඳින දුක් මිස
සාවෙකු නම් දුටුවේ නැත කිසි තැන.

කවිය බලන්න